LATEST UPDATES

News

Skills in demand

Saturday, February 25, 2017

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම තවමත් ඔබට ප්‍රශ්නයක්ද? ටස්මේනියාවෙන් එයට කදිම පිළිතුරක්. (SBS සිංහල/වාර්තා)


ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන හෝ මේ වන විට සංක්‍රමණය වී ඇති පිරිස් හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සහ පුරවැසිභාවය ලබා ගැනීමට පහසුම මග ටස්මේනියාව වේ.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබගේ රැකියාව මධ්‍යම රජයේ නිපුණතා රැකියා ලැයිස්තුවේ හෙවත් Skilled Occupation List (SOL) හි නොමැති වීම හේතුවෙන් බොහෝ දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අපහසු වී තිබේ.
නමුත් ටස්මේනියාව ඊට පිළිතුරක් සපයයි.
ටස්මේනියාවේ නිශ්චිත රැකියා ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔබගේ රැකියාව මධ්‍යම රජයේ නිපුණතා රැකියා ලැයිස්තුවේ හෙවත් Skilled Occupation List (SOL) හි නොමැති වුවත් ඔබට ටස්මේනියාවේ අවස්ථාව ලබා ගත හැකිවේ.
මීට අමතරව ටස්මේනියානු ප්‍රාන්තය ඔබට අනුග්‍රහය දැක්වීමටද අපේක්ෂාවෙන් සිටියි.
මෙලෙස ටස්මේනියානු ප්‍රාන්තයෙන් ඔබට නිර්දේශයක් ලබා ගැනීමට ඒ සඳහා බල පැවැත්වෙන කොන්දේසි කිහිපයක් ද තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක State Migration Plan හෙවත් ප්‍රාන්ත සංක්‍රමණික සැලැස්ම සහ Consolidated Skilled Occupations List හෙවත් CSOL යටතේ ටස්මේනියානු ප්‍රාන්තය අයදුම් පත් අනුමත කරයි.
මෙම පටිපාටිය තුළ සිය ගණනක් රැකියා වර්ග සහ වෘත්තීන් තිබෙන බැවින් අනුග්‍රහය සහිතව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමට පුළුල් පරාසයක වෘත්තීයවේදීන් හට අවස්ථාව සැලසේ.
ටස්මේනියාවට සංක්‍රමණය වීමට නම් ඔබ පහත සඳහන් වීසා වර්ග වලින් එකකට අයදුම් කළ යුතු වේ.
  • Skilled Independent Subclass 189
  • Skilled Nominated Subclass 190
  • Skilled Regional (Provisional) Subclass 489
අයදුම්කරුවන් හට මේ සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ප්‍රසාද ලකුණු 60 ක් අවශ්‍ය වේ.
ඉහත සඳහන් වර්ගීකරණයට අමතරව අයදුම් කරුවන්ට පහත පරිදි ද ලකුණු රැස් කළ හැකිවේ.
  • වයස සඳහා - උපරිම ලකුණු 30
  • ඉංග්‍රීසි දැනුම සඳහා - උපරිම ලකුණු 20
  • ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය සඳහා - උපරිම ලකුණු 5
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් - උපරිම ලකුණු 5
  • අධ්‍යාපන සුදුසකම් සඳහා - උපරිම ලකුණු 20
  • Professional year සඳහා - උපරිම ලකුණු 5
  • විදේශයන්හි සේවා අත්දැකීම් සඳහා - උපරිම ලකුණු 15
  • ඔස්ට්‍රේලියානු සේවා අත්දැකීම් සඳහා - උපරිම ලකුණු 20
  • සහකරුගේ නිපුණතා සුදුසකම් සඳහා - උපරිම ලකුණු 5
  • නියම කරන ලද භාෂා ප්‍රවීනත්වය සඳහා - උපරිම ලකුණු 5
ඔබගේ තත්ත්වය අනුව ඔබට හිමි ප්‍රසාද ලකුණු ප්‍රමාණය පහත වෙබ් ලිපිනයනේ ගණනය කළ හැකි වේ.
වැඩි විස්තර පහත වෙබ් ලිපිනයෙන් ලබා ගැනීමට හැකිය.

Post a Comment

 
Copyright © 2013 Dream of New Zealand
lions2kiwi.blogspot.com